Get a Driving License Sri Lanka 2021

Share This Transport Service With Your Friends

ශ්‍රී ලංකාවේදී රියදුරු බලපත්‍රය ලබාගැනීමේ ක්‍රියාවලිය

How to get a driving license in Sri Lanka

වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුලදී බොහෝ තරුණ පරම්පරාව පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව කරන පළමු කාර්යක් විදියට රියදුරු ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සුලබ දෙයකි. මෙම ලිපිය මඟින් ඔබට ශ්‍රී ලංකාව තුලදී රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අනුගමණය කල යුතු ක්‍රියා පටිපාටි සහ ඔබ සපුරාලිය යුතු සියලු දෑ පිළිබද සවිස්තරාත්මක තොරතුරු ඔබට දැනගත හැක.

ශ්‍රී ලංකාව තුලදී ගමන් රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුලින් වඩාත් පහසුවෙන්, ඔබගේ බලපත්‍රය ලබා ගත හැකිය. මෙහි ඇති තොරතුරු සඳහා මුලාශ්‍රය වී ඇත්තේ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය තොරතුරු අංශය වේ

මේ වන විට රියදුරු බලපත්‍රය ප්‍රධාන ක්‍රම දෙකකට නිකුත් කෙරේ 

  1. පළමු ක්‍රමය වන්නේ ඔන්ලයින් ක්‍රමය (Online Method)  – වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කාර්යාලයේදී හා කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ ( මීගමුව උපකාර්යාලයක් පිහිටා ඇත) අනුරාධපුරය, යාපනය, මොණරාගල, නුවර දිස්ත්‍රික්ක කාර්යාලවලදී මාර්ගගත (ONLINE) ක්‍රමය.)
  2. දෙවන ක්‍රමය ඕෆ් ලයින් ක්‍රමය (Offline Method) – අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය.

පොදු අවශ්‍යතා

රියදුරු බලපත්‍රයක් සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කටයුත්තකදී පහත අවශ්‍යතා සම්පුර්ණ විය යුතුය.

  • අයදුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
  • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
  • මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබාගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූප ලබා ගනු ලැබේ. මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප 02 ක් අවශ්‍යවේ.

01. සැහැල්ලු වහනයක් සඳහා නව රියදුරු ගමන් බලපත්‍රයක් ලබා ගැනීම

  • වයස අවුරුදු 17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
  • ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් (Learner’s Permit) නිකුත් කරනු ලැබේ.
    එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
  • ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවුරුදු 18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
  • ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුළුව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03 හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක් ද හිමිවේ. එම කාලය තුළ සමත් වුයේ නොහැකි නම් අයදුම්පත අවලංගු වේ.

අවශ්‍ය ලියකිවිලි

    • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය.
    • උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
      • මෙහිදී අදාල රෙජිස්ට්‍රාර් කොට්ඨාශයේ ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුය. එහි ඡායා පිටපතක් හෝ වෛද්‍ය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද පිටපත හෝ නොමිලේ නිකුත් කරන ලද පිටපත හෝ ඉංශ්‍රිසි පරිවර්තන හෝ උප්පැන්න සහතිකයේ උපුටා ගත් සටහන ප්‍රමාණවත් නොවේ.
    • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයක් තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
    • විදේශිකයෙකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 කට නොඅඩු වීසා බලපත්‍රය.

02. බර වහනයක් සඳහා නව රියදුරු ගමන් බලපත්‍රයක් ලබා ගැනීම

  • අයදුම්කරන දිනට අවම වශයෙන් වසර 02 කට ප්‍රථම සැහැල්ලු වාහන (ද්විත්ව හා/හෝ ත්‍රීරෝද රථ වාහන පංතී පමණි) බලපත්‍රයක් දරන්නෙකු විය යුතුය.
  • සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබා ගැනීම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුය. මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබා ගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුය.
  • වයස අවුරුදු 20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක.
  • ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය නිකුත් කරනු ලැබේ.
  • එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකිය. මෙම පුහුණුව බලයලත් රියදුරු උපදේශකයෙකු යටතේ විය යුතුය. පුහුණුව අවසානයේ අයදුම්කරු වෙත ප්‍රවීණතා සහතිකයක් ලබා දිය යුතුය. ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වන අවස්ථාවේ මෙම ප්‍රවීනතා සහතිකය ඉදිරිපත් කළ යුතුය.
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 06 කට නොවැඩි කාලයකදී බර වාහන සඳහා ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකයක් ලියාපදිංචි වන අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුය.
  • ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවුරුදු 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
  • ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත්විය යුතුය. පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුලත්ව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03 හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක්ද හිමිවේ. එම කාලය තුළ සමත් වුයේ නොහැකි නම් අයදුම් පත අවලංගු වේ.

අවශ්‍ය ලියකිවිලි

  • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය.
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 06 කට නොවැඩි කාලයකදී බර වාහන සඳහා ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
  • විදේශිකයකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 ට නොඅඩු වීසා බලපත්‍රය.
  • සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය.

වාහන පංතීන්

 අලුත් පංතියවෙනත් පංති සඳහා වලංගු භාවයරූපමය සංකේතය
එන්ජින් ධාරිතාව සී.සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් බයිසිකල් A1 G1 
එන්ජීන් ධාරිතාව සී.සී. 100 ඉක්මවන මෝටර් බයිසිකල් A A1, G1 
මෝටර් ට්‍රයිසිකල් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන් : තාර බර කි.ග්‍රෑ. 500 නොඉක්මවන්නාවු ද , වාහනයේ දළ බර කි.ග්‍රෑ. 1000 නොඉක්මවන්නාවුද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන් B1 G1 
රියදුරු අසුනද ඇතුළුව ආසන සංඛ්‍යාව 09 ට වැඩි නොවන්නා වු සියලුම මෝටර් කාර් රථ / වාහන දළ බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වු සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුනද ඇතුළුව ආසන 09 කට වැඩි නොවන්නාවුද ද්විත්ව කාර්ය වාහන , එම වාහන වලද අවසර දෙන ලද උපරිම බර කි.ග්‍රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය. මෙම පංතීයේ මෝටර් වාහන වලට වෙනස් හැකියාවන් ඇති පුද්ගලයින් විසින් පදවනු ලබන මෝටර් රථයක්ද ඇතුළත් විය හැකිය.BG1 
සැහැල්ලු මෝටර් ලොරි : වාහනයේ දල බර කි.ග්‍රෑ. 3500ට අඩුනොවන සහ කි.ග්‍රෑ. 17000ට වැඩි නොවන මෝටර් ලොරි : මෙම පන්තියට අයත් මෝටර් වාහන වලට තාර බර කි.ග්‍රෑ. 750 නොඉක්ම වන්නා වූ ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය.C1B,G1 
මෝටර් ලොරි – වාහනයේ දල බර කි.ග්‍රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය තාර බර කි.ග්‍රෑ. 750ට වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය. CC1,B,J,G,G1 
මෝටර් ලොරියක් හා තාර බර කි.ග්‍රෑ. 750ක් ඉක්මවන්නාවූ දල බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණා සකස් කරන ලද ඒකාබද්ධ රථයක් හෝ ඇඳු රථයක්. CE G,G1,J 
සැහැල්ලු මෝටර් කෝච් : රියදුරු අසුනට අමතරව ආසන 9ට වඩා වැඩි වුවද, ආසන 33ට වඩා අඩු වුවද පුද්ගලයන් රැගෙන යාම සඳහා බාවිතා කරනු ලබන මෝටර් වාහන : මෙම පන්තියේ මෝටර් වාහන වලට පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750ට නොඉක්ම වන්නා වූ ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය. D1 C1,B,B1,G,G1 
මෝටර් කෝච් : රියදුරු අසුනට අමතරව ආසන 33ට වඩා ඇති මෝටර් කෝච් රථ පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්ම වන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය. DD1,C,C1,B, B1,G,G1,J 
බර මොටර් කෝච් : රියදුරු අසුනට අමතරව ආසන 33ට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තාවූද, මෝටර් කෝච් රථයක් සහ උපරිම බර කි.ග්‍රෑ. 750 ට වැඩි වන්නාවූ ට්‍රේලරයක් හෝ මොටර් කෝච් රථ දෙකක ඒකාබද්ධ කිරීමක්. DE D,D1,C,C1,B,B1,G,G1,J 
ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ටැක්ටර් G1 – 
ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහන G G1 
විශේෂ කාර්ය වාහන : ඉදිකිරීම්, පැටවීම් ආදිය සඳහා භාවිතා කරනු ලබන වාණිජ වාහන. පැටවීමේ බැමේ. J G1 

මෙහි ඇති තොරතුරු සඳහා මුලාශ්‍රය වී ඇත්තේ ශ්‍රී ලංකා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව වේ. ඔබට වැඩිදුර විස්තර ලබා ගැනීමට පහත වෙබ් අඩවියට යාමෙන් සහ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව සම්බන්ඳ කරගැනීමෙන් වැඩි විස්තර ලබා ගත හැක

https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=48&Itemid=164&lang=si#slider-2

Add Your Heading Text Here

Add Your Heading Text Here


Share This Transport Service With Your Friends

You may also like

Leave a reply