මෙම ලිපිය මඟින් ඔබට ශ්‍රී ලංකාව තුලදී රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කරගැනීම සහ රියදුරු බලපත්‍රයට නව වාහන පන්ති ඇතුලත් කර කිරීම සඳහා අනුගමණය කල යුතු ක්‍රියා පටිපාටි සහ ඔබ සපුරාලිය යුතු සියලු දෑ පිළිබද සවිස්තරාත්මක තොරතුරු ඔබට දැනගත හැක.
ශ්‍රී ලංකාව තුලදී රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කරගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුලින් වඩාත් පහසුවෙන්, ඔබගේ බලපත්‍රය ලබා ගත හැකිය. මෙහි ඇති තොරතුරු සඳහා මුලාශ්‍රය වී ඇත්තේ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය තොරතුරු අංශය වේ
මේ සඳහා අයදුම් කල හැක්කේ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අවසන් වන දිනට, මාස තුනක කාලයක පූර්වයෙන් සිට ඉදිරියට පමණක් වේ.
අවශ්‍ය ලියකියවිලි
- දැනට ඇති රියදුරු බලපත්‍රය
- ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයකදී ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය
- විදේශිකයකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 ට නොඅඩු වීසා බලපත්‍රය
වැදගත්
රියදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉක්මවන සෑම වසරක් වෙනුවෙන්ම රු 250/- ක දඩ මුදලක් බැගින් අයවේ.
රියදුරු බලපත්‍රයට නව වාහන පන්ති ඇතුලත් කර ගැනීම
රියදුරු බලපත්‍රයට නව වාහන පංති ඇතුළත් කර ගැනීම ( සැහැල්ලු වාහන කාණ්ඩ)
- ඉල්ලුම් කරනු ලබන වාහන පංතිය පැදවීමට පුහුණුවීම සඳහා පුහුණු වන්නන්ගේ අවසර පත්‍රය (Learner’s Permit) නිකුත් කෙරේ.
- පුහුණු වන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම මාස 03 කාලයක් සම්පුර්ණ වු පසු ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
අවශ්‍ය ලියකියවිලි
- දැනට ඇති රියදුරු බලපත්‍රය
- ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයකදී ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය( සැහැල්ලු වාහන සඳහා)
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
රියදුරු බලපත්‍රයට නව වාහන පංති ඇතුළත් කර ගැනීම ( බර වාහන කාණ්ඩ)
- මේ සඳහා අයදුම්කිරීමට සැහැල්ලු රියදුරු බලපත්‍රය (ත්‍රීරෝද හා/හෝ ද්විත්ව කාර්ය වාහන පංති සහිත) අවම වශයෙන් වසර 02 ක් වත් පැරණි විය යුතුය.
- මෙහිදී ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත්වී ඉන් සමත් විය යුතු අතර සමත් අයදුම්කරුවන්ට (Learner’s Permit) පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලබයි.
- පුහුණු වන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම මාස 03 ක කාලයක් සම්පුර්ණ වු පසු ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත්වී ඉන් සමත් විය යුතුය.
අවශ්‍ය ලියකියවිලි
- දැනට ඇති රියදුරු බලපත්‍රය
- ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයකදී ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය (බර වාහන සඳහා)
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත.